අසම්භාව්‍ය....

      මොහු මා හමු වෙමි හෝ හමුනොවෙමි යැයි පෙර නිගමන කල නොහැක. ජීවන ගමන් මගෙහි හමුවන  හමුවීම් අහඹුය, කිසිදා නොපැතු නොසිතූ නොවිදි අරුම පුදුම ඇසුරන් අපට ලැබෙනු ඇත. එලෙස මුන ගැසෙන ඇතමුන් අප ජිවිතය තුල නොමැකෙන  මතකයන් තබා නික්මුනද තවත් සමහරෙක් අප සමග සිටිනු ඇත.

   ඔහු හා ඇය එකම සමාජයක දිවි ගෙවනු ද නමදු කිසිදා නෙත නොගැටුනි  . ජීවිතය අහඹුවකි.

     “ ඒ මගේ රිසාල්ට් එකත් ලියනවද”

    එකවරම පැමිණි අනතුරකින් තුවාල වු තරැණයකි.ඇය මද කුතුහලයෙන් යුතුව මද අහංකාරයකින් ඔහුගේ තොරතුරැ විමසන්නට විය.

හම්ම්, ඔයාගෙ විස්තර කියන්න”

    ඇය ඔහුගෙන් විමසීය  . මෙය උසස්පෙළ කඩයිම් විභාගය සමත් වී තම ප්‍රථිඵල කීමට පැමිණි දිනෙක ආරම්භ කතාවකි.  “ දෙසැම්බර් 24 සෙනසුරාදා දිනයක ඔහු හා ඇය තම ලැබු ප්‍රතිඵල තමන් ඉගෙනුම ලත් ගුරැවරැ හමු වී පැවසිමට පැමිනියේ ඉමහත් සතුටිනි.ඔවුන් පෙර දැක නොතිබුනද පෙර කලෙක හුරැවකින් ඈ කෙරේ ඔහු නෙත බැදෙන්නට විය. මේ කාලය වනවිට මොහු අනතුරකට පත්ව සිටි අතර එම අවස්ථාව උපරිමයෙන් දඩමීමා කරගන්නට ඔහු දෙවරක් පසුබට නොවීය. මෙම අවස්තාවේදි මොහු විසින් ඇයගේ තොරතුරැ ලබා ගැනිමට සූක්ෂම වීය. කෙසේ හෝ ඔහු විසින් ඇයගේ දුරකථන අංකය ලබා ගැනිමට සාර්ථක විය .

“Hi”

ඔහු විසින් යැවු කෙටිපණිවිඩය දැක ඇයගේ මුහුණ වෙනස් වනු දුටු ඔහුට ඇයෙගේ දුරකථන අංකය එය බව සනාථ කරගන්නට විය. එක් ගුරැවරයකු හමුවී තවත් අයෙකු හමු වීමට ඔහු සැරසෙන්නට විය.

ඔයත් එනවද පියවරට යන්න”

ඔයා යන්න අපි එන්නම්”

 ඇය පිළිතුරැ දෙන්නට විය . හෝරාවකට පසු නැවත ඔහු හට එම නෙත ගැටෙන්නට විය . 

මට පලවෙනි පාර කෙල උනේ සමහර විට මෙයා මුනගස්සවන්නමද මන්දා පට්ට කෑල්ල

 ඇය දෙස බලමින් තනිව තමා හට මුමුනන්නට විය . ඔහු  හද ප්‍රේමනිය ඇරයුමකට මං පෙත විවර වන්නට විය . හෝරා කිපයක් ඇය මානයේ සිට ඇය කෙරේ ප්‍රේමයක් ඇතිවන්නට වු අතර ඇය කතාබස් කිරිමට සුදානම් වෙනවත් සමගම, ඈතින් හුරැ පුරැදු හඩක් ඇසෙන්නට විය. 

කසුන්,කසුන්.”

රූමගේ කටහඩත් වගේ . එක වරම ඇගට තට්ටු කරමින්

කසුනෝ, ඇහැරපන් යකෝ ලෙච්චර් යන්න පරක්කු වෙලා

 හඩ ඇසිමත් සමග එකවර මා නින්දෙන් අවදිවන්නට විය. ඒ මොහොතේ ඇද මත හිද,

අප කෙතරම් ඇලුම් කලද , බලාපොරොත්තු වුවද අප ජිවිතයේ හමුවීම් අහඹුවකි.”🌼🌼



      

Comments

Post a Comment